• (+94) 716861640
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Getamanna North K.V.

ගැටමාන්න උතුර කණිටු විද්‍යාලය

තංගල්ල අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Getamanna North K.V.

ගැටමාන්න උතුර කණිටු විද්‍යාලය

තංගල්ල අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

50 වසරකට පෙර හ/ගැටමාන්න උතුර විද්‍යලයීය අැරඹීම කාලින සමාජ අවශ්‍යතවයක් සපුරාලීමකි.මෙම විදුහල අැරඹිමෙන් ගැටමාන්න ගම් ප්‍රදේශය තුළ පමණක් නොව අවට ගම් දනව් වලද අධ්‍යාපනය පිළිබදව නව පිබිදිමක් අැතිවිය.

හ/ගැටමාන්න උතුර විදුහල අැරඹිමේ අාදී කර්තෘවරැන් අතර අභාවප්‍රාප්ත ඩි.ඒ්. කුරුගම මහතා සහ විශ්‍රාමලත් විදුහල්පති සාමවිනිසුරු ඩි.සී. ඒදිරිසිංහ මහතා ප්‍රමුඛයෝ වෙති.පාසැලක් තැනිමට ප්‍රමාණවත් බිමක් හා සුදුසු පරිසරයක් ද අවශ්‍ය විය.ගමේ ජනගහනය පැතිරි අැති අාකරය අනුව නැණවත් ලෙස භුමීභාගය තෝරා ගෙන අැත.ඉඩමට පාරම්පරික උරුමකරුවෝ රැසකි.ඔවුන් අතරින අභාවප්‍රාප්ත ඩි.ඒ්. කුරුගම මහතා රූඩ් 01 පර්. 39.4 ද අනෙක් හිමිකරුවන් වන විශ්‍රාමලත් විදුහල්පති සාමවිනිසුරු ඩි.සී. ඒදිරිසිංහ මහතා ,ඩී.ඩී.ඒදිරිසිංහ මහතා සහ අභාවප්‍රාප්ත ඩි.කේ. ඒදිරිසිංහ මහත ද වෙති.ඒම මහත්මින් රූඩ්.02 ප. 15 ක් පරිත්‍යාග කර අැත. ඊට අමතරව විශ්‍රාමලත් විදුහල්පති සාමවිනිසුරු ඩි.සී. ඒදිරිසිංහ මහතා ගුරු නිවාසයක් තැනීම සදහා තවත් පර්චස් 20ක් විශේෂයෙන් පරිත්‍යාග කර අැත.ඔවුන්ගේ නම් පාසල් ඉතිහාසයේ අමරණිය සිහිවටනයෝ වෙති.  

භූමිභාගය පිළිබද ප්‍රශ්නය නිරාකරණය වු පසු විශ්‍රාමලත් විදුහල්පති සාමවිනිසුරු ඩි.සී. ඒදිරිසිංහ මහතා සහ අභාවප්‍රාප්ත ඩි.ඒ්. කුරුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්වාසින්ගේද නොමද සහාය ලැබ නව පාසල් ගොඩනැගිල්ල ඉදිවිය.ඒය දිගින් අඩි 60ක් හා පළලින් අඩි 20ක් වූ පොල් අතු සෙවලි කල තාවකාලික ගොඩනැගිල්ලකි.1937 පෙබරවාරි 15 වන දින සුබ මොහොතින්  උත්සවශීයෙන් ඒම ගෙබනැගිල්ලෙහි අභිනව පාසැල විවෘත කරන ලදි.අලුත් පාසැල උතුර ගැටමාන්නේ ශ්‍රී සාරානඥ බෞඩ මිශ්‍ර පාඨශාලාව යනුවෙන් හැදින්විය.

පාසැල පිළිබද පැරණී සටහන් වල දැක්වෙන පරිදි විවෘත කිරිමේ උත්සවය පවත්වන ලද්දේ පරලෝ සැපත් ඩි.ඒන්. විජේසිංහ වෙල්විදනාරච්චි රාළහාමිගේ ප්‍රධානත්වයෙන්.ගැටමාන්න උතුර විශ්‍රාමලත් ගම්පති ඩි.සී.ඩි. විජේසිංහ රාළහාමි නවක සිසු සිසුවියන් පනහකට පමණ අකුරු කියවා ඉගැන්වීම පිළිබද මුලික පියවර තබා අැත.

පාසලේ අාරම්භක සාමාජිකයෙක් වන අභාවප්‍රාප්ත ඩි.ඒ්. කුරුගම මහතාගේ ජේ්‍යෂ්ඨ පුත්‍ර විශ්‍රාමලත් විදුහල්පති ඩි.සි. කුරගම මහතා ප්‍රථම විදුහල්පතිතුමා වශයෙන් තෝරා පත් කරගන්නා ලදි.පසුව විශ්‍රාමලත් පාඨශාලාචාරිනි සී.කුරගම මහත්මියද සහායක ගුරු මහත්මියක් වශයෙන් සේවයට බැදුනාය. විදුහල රජයට පවරා ගත් පසු මෙම ගුරු යුවල යෝග්‍ය ගුරු මණ්ඩලයට තෝරා ගන්නා ලදින් විශ්‍රාම ගන්නා තෙක් ඒහිම සේවය කළහ.ඒ අතර ඩි.සි.කුරගම මහතා 196.01.28 දින සිට 1970.07.10 දින දක්වා ඒහි නිත්‍යානූකූල විදුහල්පතිතුමා වශයෙන් ද සේවය කර අැත.ජි.පී. ජයවීර, ඩි.ඒ.සමරසිංහ , කේ. මනම්පේරී යන මහත්වරුන් ද විදුහල්පතිවරුන් වශයෙන් අනල්ප සේවයක් කළ බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර  පරිගණක ඒකකය , පුස්තකාලය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

. විෂය බාහිර කටයුතු ලෙස සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 18ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 4 කින් සමන්විතය. හතලිහක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. 

school

ආරම්භ කළ වර්ෂය

1937 පෙබරවාරි 15

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

50

මුල් ගුරුතුමාගේ නම

 

පාසලේ ආදි කතෘගේ නම

අභාවප්‍රාප්ත ඩි.සි.කුරගම මහතා සහ විශ්‍රාමලත් විදුහල්පති සාමවිනිසුරු ඩි.එ. එදිරිසිංහ මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හ/ගැටමාන්න උතුර කනිටු විදුහල

පාසල භාරව කටයුතු කිරීම

අනුර මහතා

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 
Getamanna North K.V.

ගැටමාන්න උතුර කණිටු විද්‍යාලය

තංගල්ල අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ගැටමාන්න උතුර, ගැටමාන්න, තංගල්ල
  • දුරකථන (+94)716861640

Supported By

© 2026 Getamanna North K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk