පාසල් ගීතය
රුහුණට ඒළියයි - විදුමිණි පහනයි
හද බැති මල් පිබිදේ......
විදුමාතා ගැටමාන්න උතුරේ නිති සැරදේ සැරදේ.....
ඔදතෙද බල රැදි සිහලකමයි - ශාර නැනින් ලොව පතල නමයි
හෙළ විරුවන් දිනු සටන් බිමයි - මේ බිම අභිමල් සුවද හමයි
ශාස්ත්‍ර කලා අාලෝකය පා
ඥාන වීර්යෙන් අප පුබුදා
සදා පවර නව ජිවන ශක්තිය
අමිල උදානය වනු මැනවී
විදුහල් බිම ජය බිම කරමු
දෙස බස රැස පන ලෙස පුදමු
කිතු මුතු අරගෙන පළදවමු
විදුමව් සිරස නමා වදිමු
රුහුණට ඒළියයි - විදුමිණි පහනයි......